Posted by : Flex Next Thursday, February 7, 2013


                                                                                      කියවපු   නුවණ          



'ඇයි, මොනවද වෙලා තියෙන්නේ?' අම්මා මගේ දිහා තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නව.
ඒක දැක්ක මගෙන් අම්මට ලැබුන පිලිතුරත් තුෂ්නිම්භූත බැල්මක්මයි.
අම්ම ආයිත් ඇහුව 'ඇයි බත් එකේ මොනවහරි තියෙනවද? පූසට මොනවහරි වෙලාද?'
මම මෙච්චර වෙලා පූසා බත් කන එක දිහා බලාගෙන ඉදල තියෙන්නෙ කියලා තේරෙන්න ටිකවෙලාවක් ගියා.'නෑ... නිකං' වෙන මොනව කියන්නද.
එත් වෙච්ච දේට මටම අමුතු ලැජ්ජයි, වගේම සන්තෝසයි.මම බලාගෙන හිටියෙ පූසෙක් බත් එකක් කන දිහාක් නෙමෙයි, මම එ බත් ටික දාල තිබ්බ පත්තර කොල කෑල්ලෙ තියෙන ආටිකල් එකක් කියව කියව ඉදල තියෙන්නේ, මමවත් දන්නෙ නෑ මම ඒක කියෙව්ව කියලා.
පුදුම කියවිල්ලක් තමයි ඒක,එත් පොඩි කාලෙදි වෙච්ච මේ විදිහෙම සිද්දියක් මතක් උනා.
ඉස්කෝලේ ඉවර වෙලා ආපු හැටියෙම ඇදුම් ටිකවත් මාරු කරන්නෙ නැතුව එදා උදේ අතට ලැබුන මහාර්ඝ වස්තුව වෙච්ච  ෂර්ලොක් හෝම්ස් පොත කියවන්න ගත්තා.කියවනවා නෙමෙයි ෂර්ලොක් හෝම්ස් පොත් බැලුවා නේ,කියවන කොට පිංතූර හිතේ මැවෙනවා. මව මව ඉන්නකොට තමයි අතට චටා_______ස්ස්ස්ස්ස්ස් කියල රිදෙන්න වැදුනේ.
'බෙදලා ළගින් තියල ගිය බත් එක කන්න බෑ, දැන් ඉතින් පොල් බෑයක් ගාගෙන කන්න පුලුවන්නේ...' අම්ම බනිනව නොසෑහෙන්න.සුපුරුදු පරිදි වැඩේ තෙරෙන්න පොඩි වෙලාවක් ගියා.බත් එකට පූසා වැඩේ දීල,පැය ගානක් පොත කියවල,මේ ලෝකේ සිහියක් නැතුවම.
මහ ලොකු සිද්දි නෙමෙයි ඒත් ඒවයෙන් තේරෙනවා අද ජීවත් වෙන්න එ කියවපු හැම පොතක්ම, හැම අකුරක්ම කොච්චර උදව් වෙලා තියෙනවද, උපකාර වෙනවද කියලා.

පොත්පත් කියවලා ලබාගත්ත පරිචයෙන් ජීවිතේ ඒ ඒ දේවල් එකට ගලප්පාගෙන ඉදිරියට යන මිනිස්සු වැඩියි.
පොතක් බලනවයි කියන එක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ සෑහෙන්න විරල දෙයක් කරගත්තු, ඒත් ජීවිතේ මේ ලෝකෙ සිද්දි එක්ක හප්ප හප්ප ඒවායින්ම පන්නරය ගත්තු මිනිස්සු,ඒගොල්ලොත් වැඩියි.
මේ දෙකම එකට -පත අට එකට හිදෝලා- ගත්ත මිනිස්සු,එවැන්නොත් වැඩියි.
මෙ මොකක්වත් නැති ඔහේ වෙනමම ආනතිගත වෙච්චො, අඩුයි? නෑ...අනේ,ඔය ඕනි තරම් ඉන්නේ.
දැනට ලෝකේ මුලු ජනගහණය බිලියන 7යි. ඉතින් හැම ජාතියෙ අච්චුවෙම අය ඇති පදම් ඉන්නවා.

Noli me Tangere by
 
Hans Holbein the Younger, 1524.
සාමන්‍යයෙන් කියවන මනුස්සයෙක් විදිහට කිව්වොත් කියවන්න වටින පොත් ඉහේ කෙස් ගානට තියෙනව රටේ ලෝකෙ. දැනට කියවන පොත නම් Dan Brown ගෙ The Lost Symbol.
මේ මනුස්සය පොඩ්ඩක් පුදුම සහගතයි.සංගීතය හදාරලා සින්දු ලියලා ගායනා කරලා ගීත ඇල්බම් එලිදක්වලත් තියෙනවා.
Angels & Demons පොත් පෙළේ පලමු පොත. දෙවෙනි එක The Da Vinci Code, තුන්වෙනි පොත The Lost Symbol. අලුත්ම පොත Inferno 2013 මැයි මස නිකුත් වීමට නියමිතයි.
The Da Vinci Code පොත නම් සෑහෙන්න ජනප්‍රිය උනා ලෝකේ පුරාම.
සෑහෙන්න බැනුම්, තර්ජන වලටත් මූන දෙන්න උනා ඒ පොතේ ජෙසුස් තුමා මේරි මැග්ඩලීන් හා එක්වීම නිසා ශුද්ධ පරපුරක්
(the holy bloodline) බිහිවුන බවට කතාව අවසානයෙදී කියවන්නාට ඒත්තු ගැන්වීමෙන්.
කතාව ආරම්භයේ සිටම ගලාගෙන යන්නේ ඉතාම වේගයෙන්,මුලු පොතේම කාල රාමුව පැය 24යි.කියවන්න ගත්තොත් පොත වහන්න හිතෙන්නෙ නෑ,හැම පිටුවක් අවසානයේදීම ඉතුරු වන්නේ විසදූ අක්-ප්‍රෙහෙළිකාවක්(cryptic message) සහ එයින් මතුවූ තවත් ප්‍රශ්න ගොඩක් පමණයි.
                                                                                                                       මතුපිට කතාව පවසන්නේ නොපෙනෙන බලවේග මවාගෙන මිත්‍යාවෙන් වෙලෙන මිනිසුන් හා විද්‍යාව ඇසුරු කරගනිමින් එම මිත්‍යා පැරදවීමට උත්සහ කරන්නවුන් අතර ඇති සීතල යුද්දයයි. අතීතයේ යම් කාලයකදී කිතුනු පල්ලිය සත්‍ය වරදවාගෙන වෙනත් මගක යයි, සත්‍ය පුවත සුරැකීමට විදුදරයන් රහසේ ක්‍රියාත්මක වෙයි,
                         නරකයේ ආරම්බය සත්‍යයේ ආරම්භයයි  |  කලුවර නැතිකිරීමට ආලොකය අවශ්‍යයි
                                                     මෙය නොවෙනස් වන ස්භාවධර්මයයි..


සංදෘශ්ඨිකවාදය Existentialism
 - බොහො දෙනෙක් අසා නැති වචනයක් වෙන්න පුලුවන්, මේ ලියන්නාත් ඒක සොයා දැන ගත්තේ ඇල්බෙයා කැමු ගෙ "මහාමාරිය" කියෙව්වට පස්සේ.
                                         
        The Plague            'මහාමාරිය'  දුර්ලභ ගනයේ පොතක් - දුර්ලභ ගනයේ වසංගතයක්

ඇල්ජීරියාවේ හුදෙකලා ඕරාන් නගරය හුදෙකලාවු මිනිසුන්ගෙන් සෑදී තිබෙන්නක්.වසංගතය ව්‍යාප්ත වුවිට මුල් අවස්ථාවෙදී මිනිසුන් තවමත් හුදෙකලාවේ නිවෙස් තුලට වී සිටී, පැමිණ ඇති ව්‍යසනය දකින මිනිසුන් කිහිප දෙනෙක් හුදෙකලා සටනක නිරත වෙයි.නගරයේ වෛද්‍යවරයා තමන්ගේ ජීවිත අවදානමක් ගැන කිසිවක් නොසිතා ලෙඩුන් හට තමන්ට හැකි සියලු දේම කරන්නට දරන උත්සහය පාඨකයාවද අති වෙහෙසකට පත් කරයි.
       ඔහුගෙ සහයට යන්න ඇතිනම්!    _කියා සිතෙන තැනදී කැමු පාඨකයාව හසුකර ගන්නේ එලෙසම සිතන නමුත් කිසිවිට උදව්වට නො එන චරිත හා වෙනත් නා නා විද විටෙක සංකීර්ණ විටෙක සරල බවකින් යුතු චරිත වසංගතය තුලට ගෙනැවිත් අත හරිමින්.
අවංකවම අපි අනෙක් මිනිසුන් ගැන හිතනවද? සාමන්‍ය අවස්ථාවෙදී ඕනෑම අයෙකුට සමාජ සත්කාර කිරීමට පුලුවන්.එත් හිතන්න මහාමාරියකදී, දෙවෙනි ලෝක යුද්දෙයෙදී වගේ, හැමෝම මේ තියෙන හැම සරුව පිත්තල සුදු පිරුවට ගැලවිලා හැම මිනිහම එක මිනිහෙක් වෙන තැනට දණින් වැටුන වෙලාවට.. අපි_අපේ මනස_ මොන විදියට වැඩ කරාවිද?
  දෙවියන් හෝ වෙනත් බලවේග පසුපස යනවා වෙනුවට අපිට ඉතිරි වන්නේ එක් අවස්ථාවක් විතරයි.ඒ මිනිසා මිනිසා වෙනුවෙන් පෙනීසිටීමයි,උදව් කිරීමයි,ජීවත් වීමයි.
මෙයයි කැමූ අදහන ධර්මය,ඔහුගේ සංදෘශ්ඨිකවාදය.
  බුදු දහම තුල කියැවෙන්නේ තමන් තුලින් තමන් සත්‍ය සොයාගැනීමක්, ඒත් මට තවමත් කොහෙදිවත් පරාර්ථයේ යෙදීම නිර්වාන මගෙහි කොතැනකදීහෝ අත්හල යුතු යැයි පැවසෙන තැනක් හමුවී නැ.ඒත් කැමූ තමන් තුලට එබී බැලිය යුතු බවක් අදහන බවද පෙනුනෙ නෑ.මෙම පරස්පරයට හේතුව සිතාගත නොහැකියි,ඔබ දන්නවානම් කියා දෙන්න.
         අවසානයේදී අපි අපිටම ප්‍රශ්ණ කරගත හැකියි.අප ඕරාන්හි වැසියන් මෙන් ඕනෑම් මොහොතක අප වෙතට ඒමට  හැකි මරණය අමතක කර ජීවිතය යන විදියට යනවාද? 
        මොහොතක් නතර වී අප අවට ඇති සියදහස් වූ සලකුණු දෙස_ඒ අක් වැස්ස(rain of Symbols) දෙස බලා සිතන්නට උත්සහ නොකරන්නේ ඇයි?
François Lemoyne, 1737
"Truth"  Jules Joseph









         අප හදුනා ගත්තද නැත්ද සත්‍යය සදා සුරැකිව තියේවි

                                කාලය ඇයව සුරකිනු ඇත
        සත්‍ය නග්නයි- ඒක බලන්න කැමති උනත් නැතත්.....










Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Popular Post

Blogger templates

- Copyright © Reaching the Next Young Heart -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -